'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම රැගත් ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවි ථිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද ප.ව. 6.52ට ළඟා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13වනදා නේපාලයේ දී අත්අඩංගුවට පත්වූහ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.

සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ