Published
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ අදාල බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබීයදී සොයාගත් බවයි. පොලිස් භාරයට ගත් එම බෝට්ටුව ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවටයි අනාවරණය වී ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඒ. ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්නකිරීම්වලදී එම බෝට්ටුව සොයාගැනීමට හැකිව තිබෙනවා.



