Published
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද සිදුවූ දුම්රිය පිලී පැනීම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04ට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය අද පස්වරු 06.45ට පමණ කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිළී පැනීමකට ලක්ව තිබෙනවා.
මේ වන විට පවතින අධික වර්ෂාවත් සමග එම මාර්ගයේ ගසක් කඩා වැටී හා පස් කණ්ඩියක් ද කඩා වැටී එම දුම්රියේ එක් රෝදයක් පමණක් පිලී පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.