සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වූ ඊශ්‍රායලයේ රැකියාවකට ගොස් අතරමං වී සිටි තරුණයා අද දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පදිංචි එම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ පසුගිය අගෝස්තු මස 09 වනදා බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. එම තරුණයා පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් පසුගිය අගෝස්තු මස 30 දින පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී ඔහු ජෙරුසලම ප්‍රදේශයේ රැදී සිටියදී හමුවී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.