Published
ඊශ්‍රායලයේ රැකියා අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට නැවත දැනුම්දෙන තුරු එරටට පැමිණීමෙන් වළකින ලෙස දැනුම්දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලාංකිකයින් 600කට වැඩි පිරිසක් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින බවයි.
ඊශ්‍රායලයේ ගුවන් තොටුපොළ විවෘත කර පවතින තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසු එම පිරිසට ඊශ්‍රායලය වෙත පැමිණිය හැකි බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මෙහිදී කරුණු විමසීමක් කළා.