Published
ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට අද උදෑසන එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදු වී තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි.
තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බවයි ඔහු පැවසුවේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ගැටලුවක් මතු වී නොමැති බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවා.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබුණා.