එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් ස්ථාවරය වුණේ ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකර සිටියේ පලස්තීනය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දැක්වු අදහස් "ඒ අරමුණින් අපි 2022 සිට 2024 දක්වා ආණ්ඩු බලය දරණ අවධියේදීත් කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිධූරය දරණ සමයේදීත් අපි මූල්‍ය ප්‍රතිපාදන පවා ලබාදීමට කටයුතු කළා. ඒ වගේම අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් හැටියට පිළිගත යුතු බවත් ඒ ගැන බටහිර ලෝකයත් එසේ ක්‍රියා කීරීමට කටයුතු කරනු ඇතැයිද අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඊශ්‍රායලයත්, පලස්තීනයත් රාජ්‍යයන් දෙකක් හැටියට පිළිගැනීම සිදුකළ යුතුයි කියන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම කටයුතු කර තිබෙනවා. මේ ආරම්භ කර තිබෙන කටයුතු සඳහාත් පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරනවා කියලා, මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා." කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ, හිටපු අමාත්‍ය තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පා.ම. මුජිබර් රහුමාන් යන අයද අදහස් දක්වා සිටියා.