Published
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ඉන්දීය සංචාරය ඉතා ඉක්මනින් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ නායකයින් දෙපළ අතර ඊයේ දුරකතන සාකච්ඡාවක් ද පැවැති බවයි.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, අගමැති මෝදි සහ නෙතන්යාහු බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ.
එමෙන්ම ගාසා සාම සැලැස්ම ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඇතුළුව කලාපයේ සාධාරණ හා කල් පවතින සාමයක් කරා යන උත්සාහයන් සඳහා ඉන්දීය නායකයා ඔහුගේ සහාය නැවත තහවුරු කළ බව ද එහි සඳහන්.
ඉන්දියා-ඊශ්‍රායල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ අඛණ්ඩ ගම්‍යතාවය පිළිබඳව නායකයින් දෙදෙනා සතුට පළ කළ අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළ බව ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.




