Published
ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තම රට අමෙරිකාව සමඟ සාකච්ඡාවලට එළඹෙන්නේ නැති බව ඉරානය පවසා තිබෙනවා.
එමෙන්ම සිය න්‍යෂ්ටික සැලසුම් සම්බ්න්ධයෙන් ද සාකච්ඡා කිරීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති නැවැත් වූ පසුව ඉරානය විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට සුදානම් බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.
ඉරාන සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට මිසයිල නිෂ්පාදන ස්ථාන, ටෙහෙරානයේ න්‍යෂ්ටික අවි සංවර්ධනයට සම්බන්ධ පර්යේෂණ ආයතනයක් සහ බටහිර සහ මධ්‍යම ඉරානයේ හමුදා කඳවුරු කිහිපයකට ද ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර ගැටුම්කාරි වතාවරණය හමුවේ ඉරානයට සහය පළ කරමින් සිදු කරන ප්‍රකාශයන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.