Published
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වුවද ගංඟාවල සහ ජලාශවල ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් ඇති නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ ජලාශ සහ ගංඟාවල ජල මට්ටම් ඉහළ යාම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන අනුව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවයි.
පසුගියදා ඇති වූ වර්ෂාවත් සමඟ ගංඟා සහ ජලාශවලට හානි සිදුව ඇතිනම් ඒ සම්බන්ධයෙන් නිරික්ෂණය කර කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ.



