Published
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය කටයුතු යලි සාමාන්‍ය පරිදී ක්‍රියාත්මක කර තිබෙනවා.
මහනුවර ප්‍රදේශයේ පසුගිය දින දෙකේ පැවති අධික වර්ෂාව සමඟ මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක කොටසක් ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ මහනුවර බලා ධාවනය වන දුම්රිය ගමනාගමනයට බාධා මතු තිබුණී.
එම ස්ථානය යලි පිළිසකර කොට දුම්රිය ගමනාගමන කටයුතු යලි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු අවසවන් කොට තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය මහනුවර බලා ධාවනය වී තිබුණී.