උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මෑණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු අද (25) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

නාවලපිටිය සෙන්බ්‍රිජ් ප්‍රදේශයේදි අද උදෑසන එම දුම්රියේ පසුපස මැදිරියකට එම පුද්ගලයා ගැටී හෝ පැන ඇති බවට සැක කරන බවත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි නිසා දුම්රිය ආරක්ෂක අංශ නිළධාරින් විසින් සිරුර නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත භාර දී තිබෙනවා.