වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා ශ්‍රී සෙඞකඩගල පුරප්‍රවරයෙහි දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි ප්‍රධාන ද්වාරය රිදියෙන් නිමවා සාසනයට පුජා කර තිබෙනවා
අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මහා ස්වාමීද්‍රයන් වහන්සේ, මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන උභය මහාවිහාරයීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා යටතේ, අස්ගිරි විහාර පාර්ශ්වයේ තේවාව භාර මහියංගනය රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින්වහන්සේගේ අවවාද යටතේ කළල වෛද්‍ය විශේෂඥ මහාචාර්‍ය වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා සහ නිරංජලා සරෝජිනී මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් මෙම රිදී ද්වාරය නිමවා තිබෙනවා.
මෙම රිදී ද්වාරය දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා , හිටපු ත්‍රිවිධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් මෙම පිකම සිදු විය.