උත්සවය සමය පාදක කර ගනිමින් බිත්තර මිල ඉහළ දැමීමට කිසිදු හේතුවක් නොමැති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ආර් එම් රත්නායක මහතා පසුගිය ආපදා සමයේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සියයට 90ක්ව පැවති බිත්තර නිෂ්පාදනය සියයට 50 ක් පමණ දක්වා අඩු වූ බවයි.

පැවති ඉල්ලුම මේ වනවිට අඩු වී ඇති බැවින් ලබන සතිය වනවිට බිත්තරයක් රුපියල් 45ට වඩා අඩු මිලකට පාරිභෝගියන්ට මිලදී ගත හැකි බවද ඔහු කියාසිටියා.

බිත්තර නිෂ්පාදනය අඩුවීමට බලපෑ තවත් හේතු කිහිපයක් පිළිබදව ද ඔහු මෙලෙස අදහස් පළ කළා.