උත්සව සමයේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙවර විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පවසනවා.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරාශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිළධාරීන් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

උත්සව සමයේ ක්‍රියාත්මක ආරක්‍ෂ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආගමික නායකයින් සමගද සාකච්ඡා කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර, උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.