Published
එළඹෙන උත්සව සමයේ යුද හමුදා මූලස්ථානය කේන්‍ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කරන ලෙසට ආරක්ෂක ලේකම් එච් එස් එස් තුයියකොන්තා මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන බවයි ආරක්‍ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
කිසිදු බාධාවකින් තොරව උත්සව සමය මහජනතාවට සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා එලෙස “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබෙනවා.




