උත්සව සමයේ සිදු විය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව වෙනදාටත් වඩා මෙම අවස්ථාවේ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දුන්නේ ආපදාවකට ලක්ව යළි ගොඩනැගෙමින් පවතින සමාජයක් තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම වඩා වැදගත් වන බවයි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පරිසර පද්ධතියද විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇති නිසා විනෝද සංචාරවලට එක් වන පුද්ගලයින් මූලාශ්‍ර භාවිත කිරීම වැනි අවස්ථාවලදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.