උතුරු කොරියාව විසින් නිපදවූ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බවට පැවසෙන සබ්මැරීනයක ඡායාරූප පළමු වරට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
එම සබ්මැරීනයේ බඳ කොටස අමෙරිකානු නාවික හමුදාවේ ඇතැම් ප්‍රහාරක සබ්මැරීනවලට සමාන ප්‍රමාණයේ දැවැන්ත යාත්‍රාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එම සබ්මැරීනය පරීක්‍ෂාවට ලක් කරන ආකාරයද එරට රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කළ ඡායාරූපවල දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ටොන් 8,700 ක් පමණ විස්ථාපනයක් ඇති එම සබ්මැරීනය ජලය යට භාවිත කළ හැකි අවිවලින් සන්නද්ධ කර ඇති බව පැවසෙනවා.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ තම උපාය මාර්ගික ස්වෛරීභාවය සහ ආරක්‍ෂාව ආක්‍රමණය කිරීම සදහා අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමට සිදුවන බවට සතුරන් අවබෝධ කර ගතයුතු බවයි.
කෙසේවෙතත් එම සබ්මැරීනය මෙතෙක් දියත් කරන ලද සබ්මැරීනයක් නොවන බවටත් එහි බඳ කොටස පමණක් නිපදවා ඇති බවටත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.




