උතුරු මැද පළාත් සභාවට නව ලේකම්වරුන් තිදෙනෙකු පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා.

මෙතෙක් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පුහුණු ධූරය දැරූ නන්දන ගලබොඩ මහතා පළාත් සමූපකාර ආහාර වෙළද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලේකම්වරයා ලෙසත් එම්. ශ්‍රී ස්කන්ධ කුමාර මහතා නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පුහුණු ලෙසත්, පළාත් සභාවේ නව ලේකම්වරිය ලෙස සුභාජනී මදියලගන මහත්මියත්, මෙලෙස ආණ්ඩුකාරයා අතින් පත්වීම් ලබුවා.

පළාත් සමූපකාර හා ආහාර අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත් වූ නන්දන ගලගොඩ මහතා උතුරු මැද පළාත් සභාවට ඒමට පෙර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජේෂ්ඨ නිලධාරියකු ද වනවා.

කොත්මලේ වීරසේකර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව කැළණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා 2000 වර්ෂයේ දී ශ්‍රී ලංක පරිපාලන සේවයට එක්ව ඇත.

නව ප්‍රධාන ලේකම් පුහුණු වශයෙන් පත් වූ එම්. ශ්‍රි ස්කන්දකුමාර් මහතා යාපනයේ ජූනියන් විද්‍යාලයෙන් අධ්‍යාපනයෙන් ලබා යාපනය විශ්ව විද්‍යාලයෙන් කෘෂිවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ඇත.

2003 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා මන්නාරම දිස්ත්‍රික්කයේ හා නාටන් ප්‍රාදේශිය සභාවට පැමිණීමට පෙර මන්නාරම අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

පළාත් සභාවේ නව ලේකම් දුරයට පත් වූ සුබාජිණි මදියලගන මහත්මිය යාපනයේ ජූනියන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා යාපනය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීයවේදී උපාධිය ලබා 2004 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව තිබෙනවා.

ඔඩ්ඩුසුඩාන් උප දිසාපති ලෙස මුල්ම පත්වීම් ලැබ මුලතිව් උප දිසාපති ලෙසත්, යාපන දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල සේවය කොට උතුරු මැද පළාත් සභාවට ඒමට පෙර කෝපයි ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කර ඇත.

ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියෙකි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සේනාරත්න, ආණ්ඩුකාර ලේකම්.එන්. එච්.රෝයි නිශාන්ත, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක යන මහත්වරුන් සහභාගී වූ බව ද වාර්තා වනවා.