උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කර තමාට තාර බැරල් සොරකමකට අදාළව චෝදනා එල්ල කර තමාගේ රාජකාරි වැඩ තහනම් කරමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමානාධිකාරිවරයා නිකුත් කල ලිපිය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ රීට් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට අදාළ පෙත්සම අධිකරණයට ඉදිරිපත් කල කාර්මික නිලධාරිවරයාට සිදු විය
මෙලෙස අදාළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර කාර්මික නිලධාරි බංඩාර අබේසිංහ මහතාට සිදු වූයේ මෙම පෙත්සමේ වගඋත්තකාර පාර්ශවයන් නිසි ලෙස නම් කර නොමැති බවට වගඋත්තරකරුවන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා ඉදිරිපත් කල විරෝධතා හේතුවෙනි.
මෙසේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබූවේ මෙම රීට් පෙත්සම අනුරාධපුර පූර්වගාමි මහාධිකරණ විිනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීයි..
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව රාජකාරි කල කාර්මික නිලධාරියෙකු වන ඒ එම් එස් බංඩාර අබේසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා මගින් මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ මෙම රීට් පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ලක්ෂ්මන් චන්ද්‍රසිරි එම අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ විධායක ඉංජිනේරු පී ආර් ආර් පෙරේරා සහ එම අධිකාරියේ ගණඛාධිකාරි එස් ඩබ් ටී සී සුනෙත් යන මහත්වරුන්ය.




