Published
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පලෙයි නගරයේදී අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මේ යටතේ මෙම වසරේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමට අපේක්ෂා කෙරෙන අතර 2025 සිට 2027 වසර දක්වා වන වසර 03 ඇතුළත කාලය තුළ එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි. නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙහිදී සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.