පැවති ආපදා තත්ත්වය හේතුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමුණද සැලසුම් කළ පරිදි එම විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ මුල් භාගයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය නොවැම්බර් 10 වනදා ආරම්භ වූ එම විභාගය දෙසැම්බර් පළමු වනදා පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ නොවැම්බර් 27 වනදා සිට එම විභාගය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. ඒ අනුව එම විභාගයේ ඉතිරි විෂයන් සදහා වූ විභාගය ලබන ජනවාරි 12 වනදා සිට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.
මේ අතර 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල එළඹෙන සිංහල හා දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.




