පසුගිය 2023 වසරට අදාළව 2024 වසරෙහි පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව උතුරු පළාතේ 2023 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.
එහිදී අදහස් දැක්වූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ජනාධිපති අරමුදලෙන් සේවාවන් ලබා ගැනීම සඳහා ජනතාවට ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
ජනාධිපති අරමුදල හරහා ජනතාවට ලබාදෙන සේවාවන් සම්බන්ධයෙන් ද කතානායකවරයා මෙහිදී පැහැදිලි කළා.
යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 වසරේ උසස් පෙළ විභාගයෙන් එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්, දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරුණා.
මේ, එහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා.















