එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනයට තරඟය නතර කරන විට ලකුණු 374ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටිනවා. ඒ ඉන්දීය කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා ලබාගත් ලකුණු 396ට පිළිතුරු වශයෙන්. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 224ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 247ක් පමණයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් පසු වුණා. අද තරඟයේ සිව්වන දිනය වන අතර එංගලන්ත කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා තවත් කඩුලු නමයක් අතැතිව ලකුණු 324ක් අවශ්‍ය වනවා. තරඟ පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ මේ වන විට එංගලන්ත කණ්ඩායම දෙකට එකක් ලෙස පෙරමුණේ පසුවන අතර ඉන්දීය කණ්ඩායම එක් තරඟයක් ජයගෙන තිබෙනවා. එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා. එංගලන්ත කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කළහොත් තරඟාවලියේ ජයග්‍රහණය කිරීමට හැකිවන අතර ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කළහොත් තරඟාවලිය සම වනවා. මේ අතර සිව්වන තරඟයේ පිටියේ විනිසුරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ විනිසුරුවෙක් වන කුමාර ධර්මසේන මහතාට ඉන්දියාවෙන් යම් විවේචනයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඒ, එංගලන්ත පන්දු යවන්නෙකු විසින් යොමු කළ පන්දුවක් ඉන්දිය පිතිකරුවකුගේ පාදේ වැදීම හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයන් දැවී ගියා යයි සිදුකළ එල්ලීමට කුමාර ධර්මසේන විසින් ක්ෂණිකව සංඥාවක් මගින් ලබා දුන් තීරණයක් හේතුවෙන්. කුමාර් ධර්මසේන එම අවස්ථාවේදී පවසා සිටියේ පන්දුව පිත්තේ වැදි පාදයේ වැදුණු බවටයි. එහිදී කුමාර් ධර්මසේන මහතාට එල්ල වන චෝදනාව වන්නේ එංගලන්ත කණ්ඩායම දෙවන විනිසුරුගෙන් තීරණය විමසීමට පෙර ඔහු විසින් සංඥාව මගින් ලබා දුන් තීරණය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට යම් වාසියක් සිදු වූ බවටයි. මේ අතර තරඟාවලිය පුරා දෙපිළේම ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවන අවස්ථා කිහිපයක්ම දක්නට ලැබුණා. එමෙන්ම ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් විසින් ඕවල් පිටියේ ප්‍රධාන ක්‍රීඩාංගණ භාරකරු සමග බහින්බස්වීමක් ඇතිකර ගත් සිදුවීමක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ, ඉන්දීය කණ්ඩායම සඳහා තරඟ පුහුණුවීමට සුදුසු තනතීරුවක් ලබා නොදීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.
Published