Published
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විවේචනය කළ සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරු පවා දැන් රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? සමාජ මාධ්‍යයේ මෙන්ම සමාජයේ බොහෝ පිරිසක් ද දැන් කතා කරන මාතෘකාවක් බවට එය පත්ව අවසන්.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන්ම විමසා සිටියා.
මේ, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා.
ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තවදුරටත් පක්ෂයේ සියලු දෙනා එක්ව කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසුවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ ද ඔහුගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණෙනු දැකගත හැකි වුණා.



