"දිට්ටා" සුළි කුණාටුවෙන් ව්පතට පත් ජනතාව සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කරමින් එම භටයන්ගෙන් කොටසක් ඒ සදහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් සහිතව අද (14) පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත ආපසු රැගෙන යනු ලැබුවා.

මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(14) ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04 ක්, විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම, මෙම මෙහෙයුම් සදහා දායක වූ, ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියා.

මේවා රැගත් එම ගුවන් යානය අද(14) පස්වරු 03.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි නුවර බලා පිටත්ව යනු ලැබුවා.