Published
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අතර හමුවක් නිව්යෝර්ක්හිදී සිදුව තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සමගාමීවයි. දෙරටේ වෙළඳාම , ආරක්ෂක, බලශක්තිය, ඖෂධ සහ ඛනිජ ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඉන්දියාව සහ අමෙරිකාව අතර තිරු බදු සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම හමුව සිදුවීම විශේෂත්වයක්.