ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා එම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිතයි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3යි 15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතව තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.