එක්ස්ප්රලස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරට වෙරළ තීරයට සිදුවූ හානිය සුළුපටු නොවේ.

දැන් ඒ සම්බන්ධයෙන් පැනවූ නඩුවකට අදාළව වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැන් ප්‍රශ්නය මෙම වන්දි බෙදා දෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

හලාවත -වැල්ල ධීවර සමිතියේ සභාපති ඇන්ටන් රොශාන්ත මහතා ඉල්ලා සිටින්නේ මෙම වන්දියෙන් කොටසක් තම ධීවරයින්ටද ලැබිය යුතු බවයි.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ නියම කළා.