සමගි ජන බලවේගය සමග එක්වූ සිය පක්ෂයේ සාමාජිකයින්ගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය ඉවත් කළේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පෙළ ගැසීමේ අරමුණින් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම අදහස් පළ කළා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවකින් අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.