එළඹෙන උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.

සැක සහිත මුදල් නෝට්ටුවක් වේ නම් ඒ සම්බන්ධයෙන් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි මෙහිදී දැනුම්දුන්නේ.

එළඹෙන උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි පොලීසිය සඳහන් කළේ.