එළඹෙන මාසයේ සිට ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවයි එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්වයි මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් එමගින් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවයි. ඒ අනුව යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.