අද වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ සුරක්ෂිත බව බිඳ වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ඊයේ එක්වෙමින්.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ රට තුළ නීතියේ ආධිපත්‍ය ඇතුලු සියලු ක්ෂේත්‍රවලින් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා චෝදනා කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් අනාවරණය කිරීමට ආණ්ඩුවට තවමත් නොහැකි වී ඇති බවයි.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අදයි. අද දිනයේ විවාදයට ගැනෙන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය හා කම්කරු අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.


