ඇඹිලිපිටිය ඓතිහාසික සංඛපාල රජමහා විහාරස්ථානයේ මෙවර පැවැත්වෙන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම හෙට පෙරවරු 11යි 03ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙනවා. එම විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමියන් පැවසුවේ මෙවර ඇසළ මහා මංගල්‍යය සැප්තැම්බර් 04 වනදා සිට සැප්තැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙන බවයි.