අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙම මස මස 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එම පැමිණිල්ල කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේයි.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් මාසිකව රුපියල් 50,000ක් බැගින් මුදල් ඉල්ලා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ, එම වැලි ව්‍යාපාරය බාධාවකින් තොරන පවත්වාගෙන යාමට ඉඩ සැලසීම සඳහායි.

ඉන් රුපියල් 47,000ක මුදලක් අදාළ ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.