Published
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ගෙන්වීමේදී බදු ඉහළ යාමත් සමග ඒවායේ මිල ගණන් ඉහළ ගොස් ඇති බවට ඉකුත් සමයේ විවිධ චෝදනා එල්ල වුණා.
උද්ගත වූ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් ආරම්භ කිරීමට සූදානම්වන වර්ජනය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.