ඔබේ දරුවාත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරනවාද? එහෙත් ඕස්ටේ්‍රලියාවේ නම් දැන් තහනම්. ලෝකයටම කරන්න බැරි වුණ දේ ඕස්ටේ්‍රලියාව කළේ කොහොමද? මේ ඒ ගැන අලුත්ම වාර්තාවයි.
මේ දවස්වල ලෝකයේ වැඩිම කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ඔස්ටේ්‍රලියාව ගත් අලුත්ම තීරණයයි.
එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඕස්ටේ්‍රලියානු බලධාරින් මේ වන විට විශේෂ පැහැදිලි කිරීමක් ද සිදුකර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 10 වන දින සිට ඕස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කළ නොහැකි වනවා.
එමෙන්ම පවතින ගිණුම් ද අක්‍රිය හෝ ඉවත් කිරීම සිදුවනු ඇති.
මේ යටතේ තහනම් වන සමාජ මාධ්‍ය වේදිකා 09ක් ඕස්ටේ්‍රලියානු රජය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
‘ෆේස්බුක්’, ‘යූටියුබ්’, ‘ටික්ටොක්’, ‘එක්ස්’, ‘ඉන්ස්ටග්‍රෑම්’, ‘ස්නැප්චැට්’, ‘ත්‍රෙඩ්ස්’ සහ ‘රෙඩිට්’ යන සමාජ මාධ්‍ය වේදිකා ඒ අතරට අයත්.
මීට අමතරව අද වන විට ක්‍රීඩකයින් අතර අතිශය ජනප්‍රිය ‘ට්විච්’ සහ ‘කික්’ යන සමාජ මාධ්‍ය වේදිකා ද මෙම තහනමට යටත් වී තිබෙනවා.
ඕස්ටේ්‍රලියානු බලධාරින් පවසන්නේ සමාජ මාධ්‍ය හේතුවෙන් දරුවන්ට නිරාවරණය විය හැකි පීඩනය සහ අවදානම අඩු කිරීම මෙහි අරමුණ බවයි.
එරට රජය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන්ගෙන් සියයට 96ක් සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි.
ඔවුන්ගෙන් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකු හානිකර අන්තර්ගතයන් සහ හැසිරීම්වලට හුරුවී ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.
ඔවුන්ගෙන් අඩකට වඩා සයිබර් අපරාධවලට ගොදුරු වී තිබීමද කැපී පෙනෙන තත්ත්වයක්.
කෙසේවෙතත් මෙම තහනම උල්ලංඝනය කළහොත් දරුවන්ට සහ දෙමාපියන්ට දඬුවම් ලබාදීමක් සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ අදාල සමාජ මාධ්‍ය සමාගම්වලටයි.
ඒ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 32ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවනු ඇති.




