A-9 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේ සිදු වූ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් 19 දෙනෙකු තවදුරටත් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. වව්නියාව දෙස සිට ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් කැඩි රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් කාන්තාවන් 10 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 07 දෙනෙකු සහ ළමුන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා ඔමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Published