Published
මෙරට සංචාරයක නිරත වී සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති නිවසේ දී සිදුව් තිබෙනවා.
ඒ මෙරට ඕස්ට්‍රේලියානු තානාපතිවරයාගේ ආරාධනයක් මත එහි පැවැති උත්සවයක් සදහා එක්වූ අවස්ථාවේ දීය.
එහි දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධාණය යොමු කරමින් සුහද කතා බහක නිරත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ නිෂ්පාදන සදහා ඕස්ට්‍රේලියාව තුළ වැඩි අවස්ථා ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියා.



