ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඇය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ඕස්ස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ඒ.එස්.වයි.- 319 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මැතිතුමා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.
මෙම ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමිය ඇතුළු මෙරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීමෙන් මෙරට ක්‍රියාත්මක වන බණ්ඩාරගම , මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ වල පවතින සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීමේ චාරිකාවක ද නිරත වීමට නියමිතයි.
මෙම පිරිස එළඹෙන 08/10 මෙම සංචාරය නිමා කර මෙරටින් පිටව යාමට නියමිතව තිබෙනවා.
Published