රෝහල් පද්ධතිය තුළ මතුව ඇති ඖෂධ සහ උපකරණ හිඟයට විසඳුම් ලබාදීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ 180කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බවට තොරුතුරු ලැබී ඇති බවයි.

පවතින ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීම රජයේ වගකීමක් වන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

මේ අතර ඇතමුන් ප්‍රකාශ කරන ආකාරයේ උග්‍ර ඖෂධ හිඟයක් රෝහල් පද්ධතිය තුළ නොමැති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා.