Published
කච්චතිව් දූපත මෙරටට අහිමි වීමේ කිසිදු අවදානමක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීමේ සූදානමක් ඇති බවට එම්.කේ. ස්ටාලින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් සමබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ දෙහිවල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේදීයි. ආන්දෝලාත්මක බහාලුම් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වූවා.