Published
මොරගහකන්ද සහ කොත්මලේ ජලාශවල වේලි කැඩී ගොස් ඇති බවට පළවන කටකතා අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම ජලාශවල වේලි කැඩී හෝ ඉරිතලා නොමැති බව ජලාශ භාර නිලධාරීන් විසින් තහවුරු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ජනක හඳුන්පතිරාජ මහතා පැවසුවා.




