ඉහළ මට්ටමේ ආයෝජන දූත පිරිසක් ප්‍රමුඛව කටාර්හි විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අහමඩ් බින් මොහොමඩ් අල්-සයිඩ් ඉන්දියාවට පැමිණ තිබේ. ඒ, නිල සංචාරයක් සඳහායි. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් විසින් එම පිරිස පිළිගනු ලැබීය. නව ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින්, සාම්ප්‍රදායික තෙල් හා ගෑස් ක්ෂේත්‍රයෙන් ඔබ්බට ඉන්දියාව සමඟ සිය ආර්ථික හවුල්කාරිත්වය පුළුල් කිරීමට කටාරය උනන්දු වන බව අහමඩ් බින් මොහොමඩ් අල්-සයීඩ් පෙබරවාරි මාසයේදී අවධාරණය කිරීමෙන් මාස කිහිපයකට පසුව මෙම සංචාරය සිදුවිය. එම දැක්ම මත ගොඩනැගීම සහ ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරේ. ඉන්දීය මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අල් සයීඩ් කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ ඉන්දීය සංචාරයේ වැදගත්කම අවධාරණය කළේය. විවිධ අංශ හරහා දෙරට අතර පවතින ශක්තිමත් උපායමාර්ගික හවුල්කාරිත්වය මෙම සංචාරයෙන් පිළිබිඹු වන බව ඔහු අවධාරණය කළේය. ඉන්දියාව සමඟ අත්වැල් බැඳගත හැකි තෙල් සහ ගෑස් නොවන ව්‍යාපාරය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඉන්දියානු ව්‍යාපාරිකයින් සාදරයෙන් පිළිගන්නා බවත් අල් සයීඩ් පැවසීය.