කටුනායක ගුවන් තොටුපොළ අවට ප්රදේශයේ පැවති ඝන මීදුම් තත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අතරට අද අලුයම 05.05ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානය ද ඇතුළත්.
එමෙන්ම අද අලුයම 05.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණා.
මීට අමතරව සෞදි අරාබියේ රියාද් නුවර සිට අද උදෑසන 06.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමටයි කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණේ.
පසුව ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානය අද උදෑසන 08.40ටත්, චීනයේ ග්වැන්ෂෝ නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානය උදෑසන 09.40ටත්, සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානය උදෑසන 09.51ටත් මත්තල ගුවන් තොටුපොළ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



