ඇතිවූ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ගවලට සහ පාලම්වලට සිදුවූ හානි කඩිනමින් පිළිසකර කිරීමට කටුයතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසනවා.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ හානියට ලක්වූ පාලම්වලට තාවකාලික ඉදිරිකිරීම් සිදු කර මාර්ගය ධාවන කටයුතු සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

පස්කදු කඩා වැටීම්, ගල් පෙරලීම්, ගංවතුර ගැලීම් හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට බලපෑම් එල්ල වී ඇති බවයි විමල් කණ්ඩම්බි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 206ක ගමනාගමන කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බවයි ඔහු කියා සිටියේ.