Published
ජල ගැලීම් හේතුවෙන් හානි වු අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූවේ යුධ හමුදාවේ සහයෝගය යටතේ දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ද ඒකාබද්ධව දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බවයි.
ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන රැසකට හානි සිදුව තිබුණා.
වන්නි යුධ හමුදා නිළධාරීන් විසින් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් සිටිනවා.
යුධ හමුදා නිළධාරීන් හා දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන අයුරු පහතින් දැක්වේ.





