Published
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධූර කාලය ලබන සැප්තැම්බර් මාසය තුලදී අවසන් වන හෙයින් ඒ මහතා යළි පත්කරදෙන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම කතරගම සති පොලේදී ආරම්භ කර තිබෙනවා. ඒ, එම පෙත්සම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කිරීම සඳහායි. කතරගම එකමුතු වෙළඳ සංගමය, පූජා වට්ටි කඩ සංගමය, මාලකඩ සංගමය, සෙල්ල කතරගම වෙළඳ සංගමය, සෆාරි ජීප්රථ සංගමය, ත්‍රීරෝද රථ සංගමය, රාජ්‍ය සේවා මිත්‍රත්ව පදනම, රාජ්‍ය සේවා විශ්‍රාමික සංගමය, රෝහල් සංවර්ධන කමිටුව ඇතුළු තවත් කතරගම ප්‍රදේශයේ සංවිධාන රැසක් ඒකාබද්ධව මෙම පෙත්සමට අත්සන් ගැනීම සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.