හෙට දිනයේ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහ අභිනවයෙන් තේරී පත්වන ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා සහ දයානන්ද බෝඹුවල මහතා සමඟ එක්ව කතරගම පුරවරයට විශාල සේවයක් කර තිබෙනවා.

බස්නායක නිලමේ ධුරය සඳහ අභිනමින් තේරී පත්වන ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා සහ දයානන්ද බෝඹුවල මහතා සිදු කල සේවය මෙසේයි

කතරගම ප්‍රදේශයේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සඳහා ඔවුන්ගේ විශ්ව විද්‍යාල කාළ සීමාව අවසන් වන තෙක්ම මාස් පතා ශිෂ්‍යත්ව මුදලක් ලබාදීම, සිසුන් 80 කට අධික සංඛ්‍යාවකට එක් අයෙකුට රුපියල් 12,500/= බැගින් වැඩි කර තිබෙනවා.

05 වසර ශිෂ්‍යත්ව සමත් කතරගම ප්‍රදේශයේ සියළුම දරුවන්ට 06 වසරට අවශ්‍ය පොත් කට්ටලය ලබා දීම හා ශිෂ්‍යත්ව පිරිනැමීම සමඟ උත්සව පැවැත්වූ දිග ළමයින් හා දෙමව්පියන්ට ආහාරපාත ලබාදීම.

රුහුණු මහ කතරගම දේවාලයේ සේවක සේවිකාවන්ගේ හා කපු මහතුන්ගේ සේවා ඇගයීම හා ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් බඩු පාර්සල් 300 ක් ඔවුන් අතර ලබාදීම එක පාර්සලයක වටිනාකම රු 10,000/= වැඩි මුදලකට යටත්ව.

කතරගම ප්‍රදේශයේ පැවැත්වෙන සියළුම ආගමික හා සංස්කෘතික, අධ්‍යාපනික උත්සව සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීම.

කතරගම ග්‍රාමීය ප්‍රදේශ දෙකකට පවුල් පිරිසක පිවත්වන වන ගම්මාන දෙකකට පානීය ජලය ලබාදීම. (වතුර ටැංකි හා ගෙවල් ආසන්නයට නල පද්ධති යොදා)

ජලය සඳහා වැයවන විදුලි බිල අප ආයතනය විසින් සෑම මසකම දැරීම.

වාර්ෂිකව සෑම නිවසකටම බඩු පාර්සල් (වියළි ආහාර ද්‍රව්‍ය) ඇඳුම් පැළඳුම් ලබාදීම.

කතරගම ප්‍රදේශයේ සියළුම ජනතාව වෙනුවෙන් පිරිස 7000 කට අධික පිරිසකට ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍ය සඳහා දායකත්වය ලබා දීම.