Published
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට උත්සාහ කරන්නේ සමාජ මනස වෙනතකට යොමු කිරීමට බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
කතානායකවරයා විසින් ස්ථාවර නියෝග කඩ කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කළ බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.




